November 10, 2023

මෙම වසරේ තුන්වන කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන් 10ක වත්කම් ප්‍රමාණයකට කොපරේටිව් ඉන්ෂුවරන්ස් හිමිකම් කියයි.

1999 දී මෙරට සුවහසක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් රක්‍ෂණය සැලසීමේ අරමුණින් යුතුව ආරම්භ කෙරෙනු කොපරේටිව් ඉන්ෂුවරන්ස් පී.එල්.සී පසුගිය වර්ෂ කිහිපය තුළ මෙරට ජනතාව අතර ආකර්ශණයට ලක්වූ රක්‍ෂණ සමාගමක් බවට පත්ව ඇත.

රට ආර්ථික වශයෙන් අස්ථාවර වූ මොහොතක පාරිභෝගිකයන්ට ඉතා සහනදායි මිල ගණන් යටතේ රක්‍ෂණ සැළසුම් හඳුන්වාදීම මෙලෙස ජනතාව කොපරේටිව් ඉන්ෂුවරන්ස් වෙත ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

මෙරට බොහෝ ග්‍රාමීය මෙන්ම නාගරික ජනකොටස් කොපරේටිව් ඉන්ෂුවරන්ස් සමග අත්වැල් බැඳගෙන සිටී.

2022 වර්ෂය අවසන් වන විට රුපියල් බිලියන 05ට ආසන්න විකුණුම් පිරිවැටුමක් වාර්තා කිරීම එම වර්ෂය තුල රක්‍ෂණ කර්මාන්තයේ බොහෝ සමාගම්වල අවධානය කොපරේටිව් ඉන්ෂුවරන්ස් වෙත යොමුවීමට හේතුවක් වී තිබේ.

රට ආර්ථික වශයෙන් අස්ථාවර වූ මොහොතක 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 5.1ක ලාභයක් ලබාගැනීමට හැකිවීම සමාගමේ ස්ථාවර භාවය පැහැදිලි කිරීමට කාරණයක් වේ.

එමෙන්ම 2023 ජූලි මාසය අවසන් වන විට මෝටර් රථ හිමිකම් රුපියල් මිලියන 1794 මෙන්ම රථවාහන නොවන හිමිකම් රුපියල් මිලියන 246ක ගෙවා තිබීම සමාගමේ ප්‍රශස්තභාවය පෙන්නුම් කරන සාධකයන් වේ.

“වෙළඳ ප්‍රචාරණය සීමාකරමින් සියලු පරිපාලන කටයුතු පිරිවැය අවම වන ක්‍රමයන් හරහා සිදුකරමින් එහි සම්පූර්ණ වාසිය පාරිභෝගිකයා වෙත ලබාදීම සමාගමේ මූලික අරමුණයි.

එසේම නවීන තාක්‍ෂණික ක්‍රමයෙන් ඔස්සේ පාරිභෝගිකයා නිරන්තරයෙන් තෘප්තිමත් වන ආකාරයේ තාක්‍ෂණික සංස්කෘතිකයන් ඇතිකිරීම මෙම සාර්ථකත්වයට පාදක වු බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලංකා පෙරේරා සඳහන් කරයි.

“සමුපකාර ක්‍රමය තුළින් සන්නද්ධ වුණු සමාගමක් ලෙස මෙරට සියලුම ජන කොටස් වෙත සේවා සැපැයීමේ අරමුණින්, රක්‍ෂණ කාර්මායේ තෙවැනි විශාලතම සේවා ජාලය නිර්මාණය කිරීම මේ ගමනේ අප ලද විශාල ජයග්‍රහණයක්. ඒ හරහා, විශේෂයෙන් බොහෝ සමාගම් අත්හැර තිබූ ජන කොටස් වෙත රක්‍ෂණය රැගෙන යෑම පහසුවක් වුණා” යැයි සමාගමේ සභාපති බැසිල් සේනාධීර පවසයි.