January 24, 2024

ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

කථානායකවරයා පනත සම්මත වූ බව ප්‍රකාශ කළ අතර, විපක්ෂය බෙදීමක් සහිතව ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට ප්‍රමාදවූ බව කථානායකවරයා පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පෙන්වාදුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් කරන ලෙස නියෝග කළ වගන්තිවලට පරිබාහිරව ආණ්ඩුව විසින් අලුත් සංශෝධන 11ක් නව පනත් කෙටුම්පතට එක්කර තිබූ බවයි.

විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වාදුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට පටහැණිව, ව්‍යවස්ථා විරෝධී ලෙස ආණ්ඩුව මෙම පනත සම්මත කරගත් බවයි.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සඳහන් කරන ලද්දේ නීතිපතිවරයා ඉදිරිපත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බවයි.

42.31%
17.27%
32.76%