42.31%
17.27%
32.76%
September 19, 2023

චීන අධි තාක්ෂණික සමීක්ෂණ නෞකාවක් වන ෂි යැන් 6 (Shi Yan 6) ශ්‍රී ලංකාවට පැමිණෙන සිය ගමන අතරතුර මලක්කා සමුද්‍ර සන්ධියට ඇතුළු වී ඇති බව වර්තා වේ.

කෙසේවෙතත් නෞකවට මෙරටට පැමිණීමට ශ්‍රී ලංකා රජය මේ දක්වා නිල අනුමැතියක් ලබාදී නැත.

විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියංග වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ,  අමාත්‍යාංශය නෞකාවට අවශ්‍ය අවසරය ලබාදී නොමැති බවයි.

ඊට හේතුව සමීක්ෂණය සිදුකෙරෙන දින සහ සාගර ප්‍රදේශ පිළිබඳව තවමත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති වීමයි.

පසුගියදා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පැවසුවේ, ශ්‍රී ලංකාව නෞකාවට අවසර ලබා දී නොමැති බවත් ඉල්ලීම පිළිබඳව සළකා බලමින් සිටින බවත්ය.

ෂි යාන් 6 නෞකාවට කොළඹ වරායට පැමිණීමට අවසර ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය මාසයේ ප්‍රකාශ කළද, විදේශ කටයුතු අමාත්‍යාංශය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අවධාරණය කළේ, ශ්‍රී ලංකාව අවසර ලබා දී නොමැති බවත් ඉල්ලීම ක්‍රියාත්මක කරමින් සිටින බවත්ය.

චීනය මෙම වසරේ අප්‍රේල් මාසයේදී මෙහෙයුම සඳහා අවසර ඉල්ලා මෙම ඉල්ලීම කර ඇති අතර, නෞකාව ඔක්තෝම්බර් මාසයේදී දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇත.

42.31%
17.27%
32.76%