October 28, 2023

අද කොළඹ වරායෙන් පිටත්ව යන බවට ප්‍රකාශ කර තිබුණු චීනයට අයත් ආන්දෝලනාත්මක ‘ෂි යැන් 6’ නම් පර්යේෂණ නෞකාවට තවත් දින දෙකක් මෙරට රැඳී සිටීමට රජය අවසර ලබාදී ඇත.

මේ අතර ඉන්දියානු ජනමාධ්‍ය විසින් මෙම චීන නෞකාව සම්බන්ධයෙන් පළකරන විවේචනාත්මක ප්‍රවෘත්තිවලට චීනය ප්‍රතිචාර දක්වා තිබේ.

චීන රජයට අයත් ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තාවක් පළකරමින් සඳහන් කර ඇත්තේ, ඉන්දීය ජනමාධ්‍යය විසින් සිය නෞකාව සම්බන්ධයෙන් පළකරන වාර්තාවන්, ඉන්දියාවේ කලාපීය උපාය මාර්ගවලට පමණක් අදාළ වන ඒකපාර්ශවික අදහස් දැක්වීම් බවයි.

පසුගිය ඔක්තෝබර් 25 වැනිදා මෙරටට පැමිණි මෙම චීන නෞකාව අද දිනයේත් කොළඹ වරායේ චීන SAGT පර්යන්තයේ නැංගුරම් ලා තිබිණි.

විදේශ කටයුතු අමාත්‍යංශය අද ප්‍රකාශ කරන ලද්දේ, මෙම චීන නෞකාවට සමුද්‍රීය පර්යේෂණ සඳහා තවත් දින දෙකක කාලයක් මෙරට රැඳී සිටීමට අවසර ලබාදුන් බවයි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකික පර්යේෂකයන් නෞකාවට පැමිණෙන තුරු එය මෙරට රැඳීසිටිනු ඇති බවයි.

මේ අතර නාරා ආයතනයට සහ රුහුණු විශ්වවිද්යාලයටද මෙම නෞකාව සමග එක්ව පර්යේෂණ පැවැත්වීමට අවසර ලැබී ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%