Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇති ජල මාර්ග අවහිර වන ආකාරයෙන් පවතින ගොඩනැගිලි ඉවත්කරන ලෙස එහි හිමිකරුවන්ට නොතීසි නිකුත් කර ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසයි.
ඇය සඳහන් කරන්නේ, එවැනි ඉදිකිරීම්වල හිමිකරුවන් බහුතරයක් අදාළ ගොඩනැගිලි වෙනත් ස්ථානයකට ගෙන යෑමට කැමැත්ත පළකර ඇති බවයි.
එබැවින් එම ගොඩනැගිලි නැවත ස්ථානගත කිරීමේ කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය වැනි අදාළ ආයතනවල සහය ඇතිව සිදුකරන බව ද නාගරික කොමසාරිස්වරිය සඳහන් කරයි.
කොළඹ නගරය හරහා ගලා බසින ඇළ මාර්ග, ගංගා වැනි ස්වාභාවික ජල මාර්ග මහවැසි වැනි ස්වාභාවික හේතූන් මත නිතර ගංවතුර ඇතිවීමට බලපා තිබේ.
එම ජල මාර්ග අවහිර වන ඉදිකිරීම් ගංවතුර තත්ත්වයන් ඉහළ දැමීමට හේතු වී ඇති බව ද ඇය සඳහන් කරයි.
“මේ තීරණය එකපාර ගත්ත එකක් නෙවෙයි. එය අධ්‍යයන කිහිපයකින් පසුවයි ගනුලැබුවේ. කොළඹ මහ නගර සභා බලප්‍රදේශය හරහා ගලා බසින ඇළ සහ වැව් කිහිපයක් වගේම ප්‍රධාන ගංගාවකුත් තිබෙනවා. ඊට අමතරව විටින් විට අධික වැසි ඇති වෙනවා. එමනිසා, ජල මාර්ග අවහිර නොවී තිබීම අවශ්‍යයි. ජල මාර්ග අවහිර කරන ඉදිකිරීම් සම්බන්ධයෙන් අපි නිවේදන නිකුත් කර තිබෙනවා. බොහෝදෙනා මෙම පියවරට එකඟතාව පළකර තිබෙනවා,” යැයි නාගරික කොමසාරිස්වරිය සඳහන් කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරියට අමතරව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව මෙම ක්‍රියාවලියේදී සිය තාක්ෂණික සහාය ලබාදෙයි.
නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ මෙහිදී සිදුවිය හැකි හානිය අවම කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart