February 14, 2024

කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය ඊයේ (13) නියම කළේය.

ඊට අමතරව වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසත්, මහධිකරණයට රුපියල් විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙසත් අධිකරණය නියම කරනු ලැබීය.

මෙසේ බරපතල වැඩ සහිතව සිරදඩුවම් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ නුවරඑලිය පොලිස් කොට්ඨාශයට අයත් හයිපොරස්ට් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස කටයුතු කළ ලක්ෂ්මන් සාලිය බණ්ඩාර විරසිංහ නමැත්තාටය.

එම සිර දඩුවමට අමතරව දඩ මුදල් ගෙවිමට අපොහොසත් වුවහොත් සිර දඩුවම තවත් වසර තුනකින් දිර්ඝ කරන බවද අධිකරණ නියෝගයේ සඳහන් වේ.

2019 වසරේ එම කොස්තාපල්වරයා හයිපොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කරන අතරතුර අදාළ අවිවාහක අවු 35 හැවිරිදි කාන්තාවට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් 2019 වසරේ ඔහුට එරෙහිව නුවරඑලිය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇත.

එම චෝදනාව යටතේ පොලිස් දෙපාර්තුමේන්තුව විසින්ද පොලිස් කොස්තාපල්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා මුලික විමර්ෂණයක් සිදුකර, පසුව එම පොලිස් කොස්තාපල්වරයා ඉදිරිපත් කළ අභියාචනාවක් මත යළිත් එම පොලිස් ස්ථානයේම සේවයේ පිහිටුවා ඇත.

42.31%
17.27%
32.76%