April 20, 2025

දළදා ප්‍රදර්ශනයේ විශේෂ රාජකාරි සඳහා පැමිණ බීමත්ව රාජකාරි සිදු කළ පොලිස් නිලධාරියෙකුගේ වැඩතහනම් කර තිබේ.

පොලීසිය පැවසුවේ දළදා මාලිගාව අසල මකර තොරණ අසල බීමතින් රාජකාරියේ යෙදී සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.