July 2, 2024

යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම්දීම කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් වන අතර ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් ද අනුමත විය යුතුය.

කෙසේවෙතත් එම වගන්ති සංශෝධනය කළහොත් සරල බහුතරයකින් කෙටුම්පත සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

 

42.31%
17.27%
32.76%