42.31%
17.27%
32.76%
September 25, 2024

ශ්‍රී ලංකාවේ නව පාලනයේ විදේශ අමාත්‍යවරයා ලෙස පත්වූ විජිත හේරත්ට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සුබ පැතුම් එක්කර තිබේ.

ඒ සිය X ගිණුමේ සටහනක් තබමිනි.

එමගින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසන්නේ ඉන්දු – ලංකා ශිෂ්ටාචාර සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරට අතර සම්ප්‍රදායිකව සමීප මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ද සිය කැපවීම ප්‍රකාශ කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ නව විදේශ අමාත්‍යවරයා සමග දෙරටේ සම්ප්‍රදායික සමීප මිත්‍රත්වය ශක්තිමත් කිරීමට සහ බහුවිධ සහයෝගීතාව ඔස්සේ රටවල් දෙකෙහිම ප්‍රයෝජනය සඳහා සබඳතා පුළුල් කිරීමට කැපවී සිටින බව ද ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් සිය පණිවිඩයේ වැඩිදුරටත් දක්වා තිබේ.

එමෙන්ම ආචාර්ය හරිනි අමරසූරිය නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය ජනමාධ්‍ය අද දිනයේ වාර්තා කර තිබේ.

42.31%
17.27%
32.76%