Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන ලංකා T-10 ක්‍රිකට් තරගාවලියේ දී එම තරගාවලියට සහභාගී වී සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩකයකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික ප්‍රේම් තකාර් නමැත්තා අද පැයකට ආසන්න කාලයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදුන්නේය.
තමන් සිදුකළ වරද සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ රහස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව සැකකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉකුත් නඩු දිනයේ අධිකරණයට දැනුම් දී තිබිණි.
ඒ අනුව, එම සැකකරුගේ රහස් ප්‍රකාශය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ නිලමැදිරියේදී අද දහවල් සටහන් කර ගැනීම සිදුවිය.
පැයකට ආසන්න කාලයක් එම සැකකරු විසින් අදාළ රහස් ප්‍රකාශය සිදුකළ බවත් සඳහන් වේ.
ඉන් අනතුරුව මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව, අදාළ ඇප ඉල්ලීම ලබන 20 වැනිදා සළකා බලන බවත්, එතෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart