July 4, 2024

පිළිකා රෝග පවා අභිබවා යමින් සම සුදු කිරීමේ ක්‍රීම් භාවිතය හා සම්බන්ධ වකුගඩු රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් ශ්‍රී ලංකාවේ පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට, අනතුරුදායක ප්‍රවණතාවය අවධාරණය කළාය.

“රසදිය භාවිතය සම්පූර්ණයෙන් ඉවත් කිරීම ඉලක්ක කරගත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මකයි. එජි ඉලක්කය රසදිය භාවිතය ශුන්‍ය කිරීම. කෙසේවෙතත්, මෙම හානිකර ද්‍රව්‍ය මුළු ශරීරය පුරාවටම යෙදීම නිසා දරුණු තත්ත්වයන් ඇති වෙනවා. රසදියට සෘජුවම නිරාවරණය වීමෙන් වකුගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්” වෛද්‍ය කහවිට ප්‍රකාශ කළාය.

“පැය 24ක කාලය තුළ මම සායන 40ක රෝගීන් 60ක් පමණ පරීක්ෂා කළා. ඒ රෝගීන්ගෙන් 10%ක් සම සුදු කිරීමේ ක්‍රීම් සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධ ගැටළු ඉදිරිපත් කර තිබුණා.”

මෑත මාසවලදී වැඩි වැඩියෙන් සුලභ වූ අත්ල කළුවීම සහ නිය දුඹුරු හෝ තැඹිලි පැහැයට හැරීම ඇතුළු කරදරකාරී රෝග ලක්ෂණ ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

42.31%
17.27%
32.76%