March 28, 2025

සයිබීරියාවෙන් සොයාගත් වසර 50,000ක් පැරණි ළදරු මැමත් සත්වයකුගේ සිරුරු කොටස් පිළිබඳ පරීක්ෂණයක් විද්‍යාඥයන් සිදුකර ඇත.

‘යනා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කුඩා ගැහැණු මැමත් සත්වයා, මෙතෙක් හමු වූ හොඳම සංරක්ෂිත මැමත් ලෙසත්, මෙතෙක් හමුව ඇති සම්පූර්ණ අවශේෂ හතෙන් එකක් ලෙසත් විශ්වාස කෙරේ.

‘යනා’ සොයාගන්නා ලද්දේ සයිබීරියාවේ යකුටියා හි නිත්‍ය හිමවලින් වැසී ගිය ප්‍රදේශයෙන් වන අතර, එහි ඇති අධික සීතල නිසා ඉතාම සුරක්ෂිත තත්ත්වයේ එම සිරුරු කොටස් පැවැත ඇත.