January 11, 2025

ජයිකා ආධාර යටතේ සපයන ලද අති නවීන අධි තාක්‍ෂණික නියමු නෞකාවක් පෞද්ගලික විනෝද චාරිකාවක් සඳහා අනිසි ලෙස භාවිත කර, එම චාරිකාවේ දී සිදු වූ අනතුරකින් යාතාවට හානි වී ඇති බවටත් චෝදනා කරමින් ත්‍රිකුණාමල වරායට අනුයුක්ත සේවකයන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර හයක් තිස්සේ කිසිදු පරීක්ෂණයක් පවත්වා නොමැති බවත්, වරායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එම සිද්ධියේ තොරතුරු යටපත් කිරීමට ක්‍රියාකාරීව කටයුතු කර ඇති බවත් ඔවුහු පවසති.

2019 දී වරායේ හිටපු සභාපතිවරයකුගේ පුතකු සඳහා සංවිධාන කරන ලද විනෝද චාරිකාවකදී නෞකාවට හානි සිදු වූ බවට සේවකයෝ චෝදනා කරති.

අනතුරෙන් පසු රුපියල් මිලියන 20කට වඩා වැඩි වියදමකින් නෞකාව අලුත්වැඩියා කළ ද අද දක්වාම භාවිතයට ගත නොහැකි බව ඔවුහු කියා සිටියහ.

වරාය අධිකාරිය තුළ සුදුසුකම් ලත් ඉංජිනේරුවන් සිටියද, නෞකාව තවදුරටත් අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවට භාරදීමට සැලසුම් කරමින් සිටින බව ද සේවකයෝ පවසති.

ඔවුන් චෝදනා කරන්නේ වියදම පිළිබඳ නිවැරදි තොරතුරු සැඟවීම සඳහා මෙය සිදු කරන බවටයි.

The Island

42.31%
17.27%
32.76%