Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ‘මගේ රට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත අද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
“මැතිවරණයක් අත ළඟ. දේශපාලඥයන් තමන් ඉතිරි කර ගත් කළු සල්ලි සියල්ල ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට වියදම් කිරීමට සුදානම් වෙනවා. මුදල් විශුද්ධිකරණයේ යෙදෙන ජනතාවට එය හොඳ කාලයක් වී ඇති බවත් පැහැදිලියි. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය (CBH 1949) පියුමි හංසමාල් ලබා ගත්තේ කොහොමද යන්න පිළිබඳව අපට යම් සැකයක් තිබෙනවා.
“රේන්ජ් රෝවර් වාහනය දුන්නේ හිටපු ජනාධිපතිවරයාටද නැතිනම් ගෝඨාභය පියුමිට දුන්නාද කියන ප්රශ්නය මතුවෙනවා” යැයි පැවසූ මහවත්ත වැඩිදුරටත් චෝදනා කළේ, මෙම නිරූපිකාව දැනට අධි සුඛෝපභෝගී මහල් නිවාසයක පදිංචිව සිටින බවත්, වෙනත් දේපළ හිමිකරගෙන අතිශය සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන බවත්ය.
දේශපාලනඥයන්ගේ කළු සල්ලි සම්බන්ධ මුදල් විශුද්ධිකරණය සඳහා පියුමි හංසමාලි යොදාගන්නා බවට සැක මතුවන බවටද ඔහු චෝදනා කළේය.
පහතින් දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සංජය මහවත්ත දක්වූ අදහස් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart