Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව මුදාහැරීමෙන් රජයේ බදු ආදායමට සැළකිවයුතු පාඩුවක් සිදුව ඇතැයි කියමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ සිදුවීම පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්ද යන්න සහ බහාලුම් රජයට සම්බන්ධ ව්‍යාපාරිකයන්ට අයත් ද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.
එහිදී ඔහු ජාතික ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල ද මතු කර ඇති අතර, නිසි පරීක්ෂාවකින් තොරව මුදාහැරි බහාලුම්වල නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හෝ ආයුධ තිබිය හැකි බව ද පෙන්වාදෙයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ අනිවාර්ය පරීක්ෂණයක් සිදු කළ යුතු බවට හඳුනාගෙන තිබූ බහාලුම් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව නිෂ්කාශනය කළ බවට රේගු වෘත්තීය සමිති සන්ධානය විසින් සිදුකළ චෝදනාවලින් අනතුරුවය.
මෙම පැමිණිල්ල යොමුකළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිවදැයි, ජනමාධ්‍ය සිදුකළ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළේ රජය හිතවතුන්ට පක්ෂපාතී වන්නේද යන්න පිළිබඳව සිය අවධානය යොමුව ඇති බවයි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා ඉඟි පළ කළේ මෙය කුමන්ත්‍රණයක් ද විය හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart