42.31%
17.27%
32.76%
October 6, 2023

අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 05 බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනයක විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත දැනුම්දී තිබේ.

අද පෙරවරුවේ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගයේ බස් රථයක් මතට හසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් 05දෙනකු මියගොස් ඇතැයි ජාතික රෝහල් වාර්තා සඳහන් කරයි.

කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ මගී බස් රථයක් මතට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේදී මෙලෙස ගසක් කඩාවැටී තිබිණි.

42.31%
17.27%
32.76%