Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජ්‍යක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාප්පක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු යැයි තීන්දු කළ ග්‍රේෂ්ඨාධිකරණය තීරණයට අනුව සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව ඉදිරියේදී වන්දි නඩු ගොනු කිරීමට ක්‍රියා කරන්නේ යැයි එහි ලේකම මිලින්ද ප්‍රේමරත්න ‘මව්බිම පුවත්පත’ ට පවසා ඇත.
එවක පැවැති පාලනය හා බලධාරීන් ගත් වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ලබා දුන් මෙම තීන්දුව අනුව වන්දි නඩු පැවැරිය හැකි බවට දැනටමත් නීති විශාරදයන් සිය මතය පළ කර ඇති බැවින් ඒ අනුව මෙම ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ යැයි ඔහු සඳහන් කර තිබේ.
මෙම නඩු සිවිල් වාණිජ අධිකරණයක හෝ දිසා අධිකරණයක පැවැරිය හැකි බවට නීති උපදෙස් ලැබී ඇති බවත්, මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත්, හෙතෙම පැවසීය.
ගෑස් අනතුරුවලින් පමණක් පුද්ගල මරණ දහයකට වඩා සිදු වූ නමුත් අදටත් රජය ඊට සාධාරණය ඉටු කර නැතැයිද ඔහු චෝදනා කර තිබේ.
ගෑස් පිපිරීම් ඇතුව විවිධ අංශවලින් පසුගිය පාලන කාලයේදී ආර්ථික අපරාධ රැසක් සිදු වී ඇති බවත්, ඒවාට එරෙහිව මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිර්දේශවලින් කිසිදු පලක් වී නොමැති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart