Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාජ වෙළඳ ලකුණු සහ වෙළඳ නාම භාවිත කළ ව්‍යාපාරික ආයතනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නඩු පවරා තිබේ.
ඒ, එම ව්‍යාපාරික ආයතනයේ සිදුකළ වැටළීමකින් අනතුරුවය.
VENUS, PLUMBER සහ RAIDA යන ලියාපදිංචි වෙළඳ ලකුණු යටතේ නානකාමර සහ ජලනල උපාංග ව්‍යාජ ලෙස සකස් කර බෙදාහැරීමට එම සමාගම සම්බන්ධ බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ එම වැටළීමේදී තොග වශයෙන් බෙදාහැරීම සඳහා වංචනික ලෙස සකස්කර, ගබඩා කර තිබූ ව්‍යාජ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පවසන්නේ, මෙම ක්‍රියාව පාරිභෝගිකයන් නොමඟ යැවීමට සහ සාධාරණ තරඟකාරී පිළිවෙත් උල්ලංඝනය කිරීමක් බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා ඇති අතර, සැකකරුවන් වරද පිළිගැනීමෙන් පසු රුපියල් 150,000 ක දඩ මුදලක් පනවා තිබේ.
මීට අමතරව, රුපියල් ලක්ෂ 20 කට වැඩි වටිනාකමකින් යුත් ව්‍යාජ භාණ්ඩ තොගය විනාශ කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.
ව්‍යාජ භාණ්ඩ බෙදාහැරීමෙන් වළකින ලෙසත් සාධාරණ වෙළෙඳ පිළිවෙත් පවත්වාගෙන යන ලෙසත් පවසමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරවලට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.
මිලදී ගැනීම් කිරීමට පෙර සුපරීක්ෂාකාරීව සහ නිෂ්පාදනවල සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙස එම අධිකාරිය පාරිභෝගිකයන් ද දැනුවත් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart