Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු සංකූලතා ඇති වූ රෝගීන් 17 දෙනෙකුට වන්දි ලබාදීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධයක් භාවිත කිරීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය වූ රෝගීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
ප්‍රමිතියෙන් තොර ඖෂධය ගෙන්වීමට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමැතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ද අවධානය යොමු විය.
නැගුණු පැනයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර ඖෂධ සපයා ඇත්තේ පෞද්ගලික සමාගමක් වුවද එම ඖෂධ රෝගීන්ට ලබාදී ඇත්තේ රජයේ රෝහලක් හරහා බැවින් රජයෙන් වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බවයි.
ඊට අමතරව අදාළ සමාගමට නඩු පැවරීම හරහා වඩා වැඩි වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන බව ද ඇමතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart