November 17, 2023

අමාත්‍යාංශ ලේකම්වරියක් ඇතුළු නව පත්වීම් 06ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදුන් බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර පවසයි.

ඒ අනුව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස K.D.N.R අශෝක පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.

එමෙන්ම K.D. සෙනෙවිරත්න ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කිරීමට කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

උතුරු අයර්ලන්තයේ සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස රෝහිත බෝගොල්ලාගම පත්කිරීමට ද කමිටුව අනුමැතිය ලබා දී ඇත.

සිංගප්පූරු ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස D.D.M.S.B දිසානායකගේ පත්වීම ද කමිටුව අනුමත කර ඇත.

එසේම බෙල්ජියමේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස W.K.C. වීරසේන පත්කිරීමටද අනුමැතිය හිමිව තිබේ.

මීට අමතරව, සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස ආචාර්ය B.K.J.K. පෙරේරා පත්කිරීමටද එකඟතාව පළකර ඇත.

42.31%
17.27%
32.76%