February 19, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ඩවුන්ටවුන් ඩියුටි ෆ්‍රී’ (තීරුබදු රහිත) වෙළඳසැල 2024 අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ දී විවෘත කිරීමට නියමිතය.

කොළඹ වරාය නගරය සිය තීරුබදු රහිත සාප්පුව අප්‍රේල් මාසයේදී විවෘත කරන බව වරාය නගරය පරිපාලනය කරන Belt and Road Initiative Sri Lanka (BRISL) ප්‍රකාශ කරයි.

2023 ඔක්තෝම්බර් මාසයේදී, ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සිල්ලර ව්‍යාපාරික මෙහෙයුම් හෝ තීරුබදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කරන ලදී.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද අදාළ ගැසට් පත්‍රයට අනුව, තීරුබදු රහිත සිල්ලර ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ආයෝජකයෙකු අවම වශයෙන් ඩොලර් මිලියන 5 ක මුදලක් වෙන්කළ යුතු අතර තීරුබදු සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පළපුරුද්දක් තිබිය යුතුය.

නිදහස් වෙළඳ මෙහෙයුම්, තීරුබදු රහිත සාප්පු සංකීර්ණ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට ආයෝජකයකු අවම වශයෙන් ඩොලර් මිලියන 7ක් වෙන්කිරීම අවශ්‍ය වේ.

2023 මැයි මාසයේදී සිංගප්පූරුවට අයත් One World Duty-Free සහ Colombo Port City ශ්‍රී ලංකාවේ පළමු නගර මධ්‍යයේ තීරුබදු රහිත වෙළඳසැල් ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් දෙකකට අත්සන් කරන ලදී.