Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මූල්‍ය වංචා සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන වැලිසර විදේශ රැඳවුම් කඳවුරක වසර 06ක් රඳවා සිටි අප්‍රිකානු ජාතිකයන් 30දෙනකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පෙරේදා (22) නියෝග කර ඇත.
එම සැකකරුවන්ට එරෙහිව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව උපදෙස් ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් විමසීමක් කර ඇති අතර ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී තිබීම සැළකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබාදී තිබේ.
මෙම සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබූ ඔවුන්ගේ බඩුබාහිරාදිය ඔවුන්ට නැවත ලබාදෙන ලෙසත් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවලදී මෙම සැකකරුවන් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වසර 06කට අධික කාලයක් වැලිසර විදේශ රැඳවුම් කඳවුරක ඔවුන් රඳවා සිටි නමුත් ඔවුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් චෝදනා ගොනුකර නොමැති බවත්, එය ඔවුන්ට කළ අසාධාරණයක් බවත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශෂී ගුණවර්ධන අධිකරණයට පෙන්වාදී තිබේ.
මෙම සැකකරුවන්ගේ ආහාර වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 20ට අධික මුදලක් රජය වැයකර ඇති බවද ඇය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වාදී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රිකානු ජාතික සැකකරුවන් 34 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් 2018 වසරේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් සිවුදෙනකුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබිණි.
ඒ අනුව ලබන වසරේ මැයි මස 16 වැනිදා එම සැකකරුවන් සිව්දෙනාට එරෙහිව චෝදනා ගොනකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart