February 9, 2024

කොළඹ නගර ප්‍රදේශයේ මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් ඉඩම් කට්ටි ලබාදීමේ ගාස්තු ඉහළ දමා නොමැති බව කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කරයි.

ඒ, සාමාන්‍යයෙන් වර්ග අඩි දෙකක භූමි ප්‍රමාණයකින් යුත් මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා ඉඩම් ලබාදීම සඳහා කොළඹ නගර සභාව සිය ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති බවට පළ වූ ජනමාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.

එම ජන මාධ්‍ය වාර්තා සඳහන් කළේ, කොළඹ මහ නගර සභාව අදාළ ගාස්තු රුපියල් 180,000 දක්වා ඉහළදමා ඇති බවයි.

මේ සම්බන්ධයෙන්, කොළඹ මහ නගර සභවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෛද්‍ය රුවන් විජයමුණි ‘ඩේලි මෝර්නින්’ වෙත පවසා ඇත්තේ, වසර තුනකින් එම ගාස්තු වෙනස් වී නොමැති බවයි.

වසර තුනකට පෙර තක්සේරුකරුවන් විසින් තීරණය කරන ලද ගාස්තු අනුව, කොළඹ නගර සභාව දැනට මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ බඳුනක තැන්පත් කිරීමට සහ ඒ මත සොහොන් ගලක් තැනීමට භාවිත කරන වර්ග අඩි දෙකක ඉඩමක් සඳහා රුපියල් 500,000 ක ගාස්තුවක් අයකරනු ලබයි. ඔහුට අනුව, මෙම ඉඩම් කට්ටි ස්ථිර පදනමක් මත ලබා දී ඇත.

මෙම ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් හිටපු කොළඹ මහ නගර සභවේ මන්ත්‍රීවරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැමිණිලි කර ඇති බව පසුගිය සතියේ වාර්තා වූ අතර, එම මන්ත්‍රීවරයා උපුටා දක්වමින් එම චෝදනාව බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක වෙත යොමු කර ඇති බව සඳහන් විය.

මීට අමතරව, ආදාහන ගාස්තු ද ඉහළ ගොස් ඇති බවත්, එය කොළඹ දිළිඳු ජනතාවට බලපානු ඇති බවත් ප්‍රකාශ විය.

එහිදී, ආදාහන කටයුතු සඳහා අය කෙරෙන ගාස්තු කොළඹ නගරයේ පදිංචිකරුවන් සඳහා රුපියල් 10,000 දක්වාද, නගරයෙන් පිටත පදිංචිකරුවන් සඳහා රුපියල් 20,000 දක්වාද ඉහළ දමා ඇති බවට චෝදනා එල්ල විය.

“රුපියල 20,000ක ආදාහන ගාස්තුවට, ගෑස්, ආදාහනාගාර නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම, විදුලිය සහ සේවකයන් සම්බන්ධ වියදම් ඇතුළත් වෙනවා. එම මුදලින් කොළඹ නගරයේ පදිංචිකරුවෙකුගෙන් අය කරන්නේ 50%ක් පමණයි. සමෘද්ධි හෝ අස්වැසුම සහනාධාර ලබන්නන්ගෙන් අය කරන්නේ එම මුදලින් 25%ක් පමණක් වන අතර එය රු. 5,000ක්. ගෑස් මිල වැඩිවීමත් සමඟ ගාස්තු වෙනස් වුණා.” යැයි වෛද්‍ය විජයමුණි වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%