Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති මිලියන 9ක අල්ලස් නඩුවේ විභාගය අවසන් වන තෙක් වෙනත් අධිකරණයකට තමාව මාරුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.කි.
විත්තිකරුවන්ගෙන් එක් අයෙකු වන සලෝචන ගමගේ ඔහුගේ සහෝදරයෙකු වන බැවින්, එම අල්ලස් නඩුවේ විභාග කටයුතු කරගෙන යෑමට තම අධිකරණයට නොහැකි බවත්, එමගින් ළබැඳියාවන් අතර ගැටුමක් ඇති වන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ නඩුවට අදාළව විභාග කිරීම සඳහා සුදුසු වෙනත් මහේස්ත්‍රාත්වරයකු පත්කරන ලෙස ඔහු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි පැවැසේ.
අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු විත්තිකරුවන් දෙදෙනා 2025 ජනවාරි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පසුගිය සෙනසුරාදා (28) නියෝග කළේය.
රුපියල් මිලියන 09ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී ව්‍යාපාරිකයෙකු සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් පවරා ගන්නා ලද ටොරින්ටන් ඇවනිව් හි පැමිණිලිකරුගේ ඥාතියෙකුගේ ඉඩමකට කඩිනම් වන්දියක් ලබාදීමේ පොරොන්දුව මත පිටකෝට්ටේ වෙනත් ව්‍යාපාරිකයකුගෙන් මෙලෙස අල්ලස් ලබාගෙන ඇතැයි වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart