![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/07/altair-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රකට ගෘහනිර්මාණ ශිල්පී Moshe Safdie විසින් නිර්මාණය කරන ලද ආශ්චර්ය දනවන වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස කලක් කතාබහට ලක්වූ කොළඹ ඇල්ටෙයාර් (Altair) ගොඩනැගිල්ල මේවනවිට නොසලකා හැරීම, මූල්‍ය සූරාකෑම සහ දැඩි ආරක්‍ෂිත අවදානම් සම්බ්නධයෙන් චෝදනාවට ලක්ව ඇතැයි වාර්තා වේ.
අනතුරුදායක ගිනි උවදුරු, ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැතිකම සහ මූල්‍ය අවභාවිතය පිළිබඳ එහි පදිංචිකරුවෝ චෝදනා කරන බව Daily FT පුවත්පත සඳහන් කරයි.
වඩාත්ම වැදගත් කාරණය වන්නේ නිවැසියන් විශාල ගණනක් අනතුරට පත්කළ හැකි ගිනි අනතුරු පිළිබඳ අවදානමයි.
මීට දශකයකට පෙර කොල්කටාවේ අමාරි රෝහලේ ගින්නකට ඔහුගේ සමාගම සම්බන්ධ වී තිබියදීත්, සංවර්ධනය පිටුපස සිටින ප්‍රධාන චරිතයක් වන රවී ටෝඩි Altair ගොඩනැගිල්ලේ පදිංචිකරුවන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
ගිනි අනතුරු සම්බන්ධයෙන් පදිංචිකරුවන්ගෙන් එල්ල වන පීඩනයට ප්‍රතිචාර වශයෙන් 2024 දෙසැම්බර් 10 වන දින ඒ සඳහා පුහුණු වැඩසටහනක් පවත්වා තිබේ.
කෙසේවෙතත්, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිල වාර්තාව මගින් ගොඩනැගිල්ලේ පවතින බරපතල දෝෂ රාශියක් හඳුනාගෙන ඇති අතර, මහල් 63 සහ 67 කින් සමන්විත ද්විත්ව කුළුණු උස් මහල් නිවාස 400 ක වෙසෙන ජනතාවගේ ජීවිත බරපතල තර්ජනාත්මක අවදානමකට ඇද දමා ඇතැයි පැවසේ.
මෙම අනාවරණයන් ගොඩනැගිල්ල තුළ වෙසෙන ජනතාවට සිදුවිය හැකි ව්‍යසනයක් පිළිබඳ මතුවන බිය ඉහළ නංවා ඇත.
Altair ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් කියාසිටින්නේ ඉකුත් ජනවාරි 25 වන දින, අනවසර පුද්ගලයන් 300 කට වැඩි පිරිසක් ගොඩනැගිල්ලට ප්‍රවේශ වී ඇති අතර, එය නිවැසියන්ගේ අවදානම පිළිබඳව කනස්සල්ලට කරුණක් බවයි.
මීට අමතරව, ඇල්ටෙයාර් ගොඩනැගිල්ල තුළ සංචාරකයන් සඳහා ද නේවාසික පහසුකම් ලබාදෙන අතර එය තවත් ප්‍රබල ආරක්ෂක අවදානමකි.
සුඛෝපභෝගිත්වය සහ සුවිශේෂත්වය පිළිබඳ කරන ලද ප්‍රචාරණය මත එහි නිවාස මිල දී ගත් නමුත් දැන් තමන් ජීවත් වන්නේ ආරක්ෂක කඩකිරීම් භයානක ලෙස පුරුද්දක් වී ඇති ගොඩනැගිල්ලක බව පදිංචිකරුවෝ මැසිවිලි නගති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart