Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොල් ආශ්රිත අපනයන සඳහා ඉහළ යන ඉල්ලුම මධ්‍යයේ දේශීය පොල් හිඟයකට පිළියම් යෙදීම සඳහා ශීතකළ පොල් මද ආනයනය කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ.
දේශීය පොල් සැපයුමේ පවතින හිඟය නොතකා පොල් අපනයන නිෂ්පාදන සඳහා ඉල්ලුමේ තියුණු වැඩිවීමක් පොල් පර්යේෂණ ආයතනය වාර්තා කරයි.
පොල් පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ ‘ඩේලි මෝනිං බිස්නස්’ වෙත පවසා ඇත්තේ, මෙම වසරේ පොල් අස්වැන්න කෙරෙහි මූලික සාධක දෙකක් බලපා ඇති බවයි. එනම් සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් සහ උෂ්ණත්ව විචලනය යන සාධක දෙකයි.
මෙම තත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා, කර්මාන්ත අවශ්‍යතා සඳහා ආධාර කිරීම වෙනුවෙන් ආනයනයන් හඳුන්වාදෙන අතරම ගෘහස්ථ භාවිතය සඳහා දේශීය සැපයුම වැඩි කිරීමට පොල් පර්යේෂණ ආයතනය නිර්දේශ කර ඇත.
“ශීත කළ පොල් මද ආනයනය කිරීම සඳහා අපි කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා,” යැයි පවසන නයනි ආරච්චිගේ, ඊට අනුමැතිය ලැබුණු පසු, දේශීය සැපයුමට අතිරේකව ආනයනය ආරම්භ කළ හැකි බව පෙන්වාදෙයි.
මේවා කෙටිකාලීන විසඳුම් වන අතර ස්ථාවර පොල් සැපයුමක් සහතික කිරීම සඳහා දිගුකාලීන සහයෝගයක් අවශ්‍ය බව ඇය ආරච්චිගේ අවධාරණය කරයි.
“පොල් වගාකරුවන්ට තෙතමනය සංරක්ෂණය, පොහොර යෙදීම සහ වාරිමාර්ග වැනි කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට උපකාර කිරීම සඳහා රජය සහනාධාර හෝ සහන ණය ලබාදිය යුතුයි,” ඇය පෙන්වාදෙයි.
පොල් පර්යේෂණ ආයතනයට අනුව, ශ්‍රී ලංකාවේ පරිණත පොල් පැල මිලියන 55ක් මගින් වාර්ෂිකව ගෙඩි 60-70 අතර සංඛ්‍යාවක් නිපදවිය හැකි නම්, රටට දේශීය හා අපනයන ඉල්ලුම් පරිමාවන් දෙකම සපුරාලිය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart