June 17, 2024

වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

එළඹෙන උත්සව සමය අපේක්ෂාවෙන් පොල්තෙල් ආනයනකරුවන් තම තොග තබාගෙන සිටීම මෙම මිල ඉහළ යෑමට හේතුව බව සමස්ත ලංකා සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පවසන්නේ පොල්තෙල් ආනයනකරුවන් අත්තනෝමතික ලෙස මිල වැඩි කරන අතර මේ නිසා පොල්තෙල් බෝතලයක මිල රුපියල් 1000 දක්වා ඉහළ යා හැකි බවයි.

මේ වනතුරු මුදල් අමාත්‍යාංශය විසින් පොල්තෙල් සඳහා බදු පනවා නොමැති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රෙගුලාසි ක්‍රියාත්මක කර නොමැති බවත් පොල් සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමක් සිදුවී නොමැති බවටත් ඔහු විවේචනය කළේය.

පොල්තෙල් මිල අඩු කිරීම සඳහා දේශීය කර්මාන්තකරුවන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඉඩ දෙන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

42.31%
17.27%
32.76%