January 28, 2025

කොකාකෝලා සමාගම විසින් යුරෝපය පුරා ඇතැම් රටවල බෙදාහැර තිබූ සිය බීම වර්ග නැවත කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, එම බීම වර්ගවල ක්ලෝරේට් නමැති රසායනික ද්‍රව්‍ය ඉහළ මට්ටමකින් අඩංගු බව පවසමිනි.

ඒ අනුව, එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය වෙත බෙදාහැරි බීම වර්ග යළි කැඳවීම සඳහා අවධානය යොමුකර ඇති බවයි.

බ්‍රිතාන්‍යයට යොමුකර ඇත්තේ බීම වර්ග පහක් පමණක් බවත්, ඒවා දැනටමත් අලෙවි කර ඇති බවත් එහි සඳහන් විය.

බලපෑමට ලක් වූ නිෂ්පාදන අතර Coke, Fanta, Sprite, Tropico සහ Minute Maid සන්නාම ඇතුළත් වන බව Coca-Cola හි අන්තර්ජාතික බෝතල් කිරීමේ සහ බෙදාහැරීමේ මෙහෙයුමේ බෙල්ජියමේ ශාඛාව පවසයි.

ජලය පිරිපහදු කිරීමේදී සහ ආහාර සැකසීමේදී ක්ලෝරීන් මත පදනම් වූ විෂබීජ නාශක භාවිත කරන විට ක්ලෝරේට් නිපදවෙන බව පැවසේ.

කෙසේවෙතත් “ස්වාධීන විශේෂඥ විශ්ලේෂණයන් නිගමනය කරන්නේ ඒ හරහා පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අවදානම ඉතා අඩු බවයි,” සමාගමේ ප්‍රකාශකයෙක් බීබීසී පුවත් සේවයට පවසා තිබේ.

බ්‍රිතාන්‍ය පවසන්නේ, පාරිභෝගික පැමිණිලි කිසිවක් ලැබී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර ඇති බවත්, ඔවුන් සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කරන බවත් කොකා-කෝලා සමාගම පවසා ඇත.

Appletiser, Coca-Cola Original Taste, Coca-Cola Zero Sugar, Diet Coke සහ Sprite Zero 328 GE සිට 338 GE දක්වා නිෂ්පාදන කේත සහිත ආනයනය කරන ලද ටින් ඉතා කුඩා සංඛ්‍යාවකට මෙම ගැටළුව බලපා ඇති බව සමාගම පවසයි.

බ්‍රිතාන්‍ය ආහාර ප්‍රමිති ඒජන්සියේ ඈන් ග්‍රවෙට් පැවසුවේ එය විමර්ශනය කරන බවයි.

“අපි කිසියම් අනාරක්ෂිත ආහාර හඳුනාගන්නේ නම්, එය ඉවත් කිරීම සහතික කිරීමට සහ පාරිභෝගිකයන් දැනුවත් කිරීමට අපි පියවර ගන්නෙමු,” ඇය වැඩිදුරටත් පවසා ඇත.

42.31%
17.27%
32.76%