
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘සිරි දළදා වන්දනාවට’ සහභාගී වූ වන්දනාකරුවන්ට නවාතැන් සහ වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදුන් මහනුවර නගරයේ මුස්ලිම් පල්ලි පිරිසිදු කිරීමේ කටයුත්තක් Human Heart Organization සමග එක්ව තරුණ පිරිසක් විසින් දියත්කර ඇත.
එම කටයුත්ත පිළිබඳව ප්‍රියංග විශ්වජිත් නම් තරුණයා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන සහ සේයාරූ මෙහි දැක්වේ.
‘මනුස්සකමේ දෑත් දිගුකරමින් අප බෞද්ධ ජනතාව වෙත මුස්ලිම් ජනතාව ලබාදුන් සියලු පල්ලි වල ටොයිලට් විෂබීජ නාශක යොදා සෝදා පවිත්‍රකර තිබුනාටත් වඩා ලස්සනට පිරිසිදුව ලබාදෙන්න අපේ උන් දියත් කල වැඩසටහන…
ඔවුන් අප වෙත දිගුකල මානුශීය දෑත් මේ තරම් යැයි කිව නොහැකි තරම් ප්‍රශන්සනීයයි. ඉතින් අපි ගිහින් ඒ පල්ලි වල මවුලයි තුමන් සමග කතා කර ඔවුන්ට ස්තූති කිරීම තුලින් ඔවුන් අප වෙනුවෙන් කල ඒ උතුම් සත් ක්‍රියාවට අගය එකතු කරන්නක් උණා…
ටොයිලට් පහසුකම්, නවාතැන් පහසුකම්, ආහාර පවා ලබා දුන් ඒ දළදා වන්දනා පෝලින් මගේ පිහිටි මුස්ලිම් පල්ලි 05හ සමහර ඔවුන්ගේ ආගමික ආචාර ධර්ම, නීති, රීතී පවා අපට ලබාදුන් සේවය නිසාවෙන් කැඩුණු බව ඔවුන්ගේ කතා තුලින් පැහැදිලි වෙච්ච කාරණයක්. ඒත් ඔවුන් අවසානය දක්වාම අප බෞද්ධ ජනතාවත් එක්ක හිටියා.
අපේ මිනිස්සු ඔවුන් ලබාදුන් පහසුකම් භාවිතා කරපු විදිය මෙහි ලිවීමට තරම් ලැජ්ජා සහගතයි.
කොහොම උනණත් අපි හෝ ඔවුන් සමග කතාකර ස්තුති කිරීම ඔවුන් දිරිමත් කිරීමක් අගය එකතු කිරීමක් වීමක් බව අප අද්දුටු කාරණාවක්, එය ඔවුන් බලාපොරොත්තු නොවූ දෙයක්. පිරිසිදු කිරීමෙන් අනතුරුව අපට ආහාර පාන වලින් සංග්‍රක කර යැවීමට තරම් ඔවුන්ගේ හදවත් පොහොසත් උණා.
Human Heart Organization අපත් එක්ක නුවර කෙල්ලෝ කොල්ලො එකතු වෙලා තමයි මේ වැඩේ කළේ. ඒ අතර Priyanga Vishwajith 💌 Sujeewa Sampath Dewanarayana 💌 Ishan Chanaka 💌 Sandhu Kulathunga 💌 Pramodya Amarasekara ගෞරවාන්විතව සිහිපත් කරන්න ඕන…
ඒක ගෞරවාන්විත ලස්සන වැඩක්…
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart