Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට මුවා වී ත්‍රිරෝද රථ, බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන පිරිසිදු කිරීම පමණක් ඉලක්ක කර නොගෙන වඩාත් ඵලදායී වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු අතරම රජය ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි.
“ක්ලීන් ශ්‍රී ලංකා කියලා වීල් පාක් එකේ ත්‍රිවීල් ටිකත් ක්ලීන් කරලා බස් ටිකත් ක්ලීන් කරලා පාරේ ව්‍යාපාර කරන ව්‍යාපාරිකයො ටිකත් ක්ලීන් කරන්නෙ නැතුව හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළොත් ඒක ආණ්ඩුවට හොඳයි. ආණ්ඩුවක් විදිහට මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවලට පෙනී සිටින්න ඕනේ ඒවගේම මගීන්ගේ ආරක්ෂාවත් තහවුරු වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒකෙ අවසාන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙන්නේ එදිනෙදා ජීවත්වෙන ව්‍යවසායකයන්ගේ බඩට පහරක් ගහන එකනම් ඒක වැරදියි. ඒක ක්ලීන කිරීමක් නෙමෙයි. සමහර නීති ප්‍රායෝගික වෙන්න ඕනේ.” යනුවෙන් ඔහු පැවසීය.
ජීවන වියදම අඩු කිරීමට හෝ බදු සහන ලබා දීමට කිසිදු සැලසුමක් පෙනෙන්නට නොමැති බවට ද ඔහු චෝදනා කළේය.
“එක පැත්තකින් ජනතාවට ලොකු පීඩනයක් තියෙනවා, හාල් ප්‍රශ්නයක් තියෙනව ලුණු ප්‍රශ්නයක් තියෙනවා. රැකියා උත්පාදනය කිරීමේ මාවතක් පිළිබඳ ජනතාවට ප්‍රශ්න තියෙනවා, ආණ්ඩුවක් විදිහට ජනතාවගේ ජීවන වියදම පහළ හෙළීමට කටයුතු කරන බවක් පේන්නෙ නැහැ . බදු සහන දෙනවා කිව්වට බදු සහනයක් ලැබිලා නැහැ, මේ කාරණා එක්ක ජනතාව අසීමිත පීඩනයකට ලක්වෙලා තියෙනවා” යනුවෙන් නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු දේශපාලන කයිවාරුවලට පමණක් සීමා වී ඇති බවත් ඒවා ඉටු කර නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart