Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසුරිය අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි පළවන ජනමාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ඇමැති විජිත හේරත් පවසයි.
මෙම වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්‍යය විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.
“කවුද එහෙම කියන්නේ? දැන් තමයි මම එහෙම එකක් ඇහුවේ.ඔය හිතාමතා හාන ප්‍රවෘත්ති. මාළිමාව අපි එකට.”
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් අගමැති හරිනි අමරසූරිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර තීරණයේ පැහැදිලි වෙනසක් වාර්තා වූ බව ඇතැම් ජනමාධ්‍ය ආයතන ඊයේ වාර්තා කළේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා එම ධුරයෙන් හදිසියේ ඉල්ලා අස්වීම ගැටලුසහගත බවත්, මහාචාර්ය සම්පත් අමරතුංගට තවදුරටත් සිය ධුරයේ කටයුතු කළ හැකි බව අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු ජනාධිපති කාර්යාලය හිටපු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි බවත් අදාළ ප්‍රවෘත්තිවල පළවිය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න එම ධූරයට පත්කෙරිණි.
අදාළ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අගමැති කාර්යාලයද පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එය මෙසේය.
“මෙම වාර්තාවේ ඉදිරිපත් කර ඇති සාවද්‍යතාවයන් පිළිබඳව අපගේ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කිරීමට අපි කැමැත්තෙමු. කරන ලද ප්‍රකාශ අසත්‍ය, පදනම් විරහිත සහ මහජනතාව නොමඟ යවනසුළු ය…ජනාධිපති අනුර කුමාර අතර කිසිදු ගැටුමක් හෝ මතභේදයක් ඇති වී නැත. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කිරීම අග්‍රාමාත්‍යවරයාගේ පූර්ණ උපදෙස් හා එකඟත්වය ඇතිව සිදුකරන ලද්දකි. මෙවැනි නොමග යවනසුළු තොරතුරු ප්‍රචාරය කිරීම බරපතල ප්‍රශ්නයකි. එය අපගේ කාර්යාලයේ අවංකභාවය පළුදු වන අතර මහජන විශ්වාසය පළුදු කරයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart