November 10, 2024

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ රුපියල් බිලියන ගණනක් වටිනා ඒකාබද්ධ නිවාඩු නිකේතනයක් වන කොළඹ City of Dreams හි පූර්ව විවෘත කිරීමේ පිරිවැය රුපියල් බිලියන 1.95 දක්වා ඉහළ ගොස් ඇති බව එම සමාගම සිය අන්තර්කාලීන මූල්‍ය වාර්තා ඔස්සේ සඳහන් කර තිබේ.

එම නිවාඩු නිකේතනයට Macau’s Melco Resorts & Entertainment මගින් ක්‍රියාත්මක වන කැසිනෝ ශාලාවක් ද ඇතුළත්ය.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ පැවසුවේ Cinnamon Life හෝටලය සහ City of Dreams Sri Lanka (කැසිනෝ ශාලාව, වෙළඳ සංකීර්ණය, Nüwa සන්නාමය, අති උසස් සුඛෝපභෝගී හෝටල් කාමර, කාර්යාල අවකාශය, සම්මන්ත්‍රණ පහසුකම්, මහල් නිවාස ආදිය) සම්බන්ධ වියදම් ‘සැළකිව යුතු’ බවයි.

වැඩිවන කොටස් අරමුදල් අවශ්‍යතා හේතුවෙන් මූල්‍ය පිරිවැය ඉහළ ගිය අවස්ථාවක, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින් ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම වෙනුවෙන් ජූලි මාසයේදී හිමිකම් නිකුතුවකින් රුපියල් බිලියන 24.02 රැස් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලබන්නේ කොටස්, මහල් නිවාස සහ වාණිජ සංකීර්ණ විකිණීම සහ ණය ක්‍රමයක් මගිනි.

Melco කැසිනෝ ශාලාව 2025 මැද භාගයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වේ.

පසුගිය ඔක්තෝබර් මැද භාගයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම විසින් ‘Cinnamon Life’ හෝටලය, අවන්හල් සහ භෝජන සංග්‍රහ පහසුකම් විවෘත කරන ලදී.

Melco සමාගම ප්‍රකෝටිපතියකු වන ලෝරන්ස් හෝ විසින් මෙහෙයවනු ලබන අතර ඔවුන් වසර 400ක් පුරා පෘතුගීසි යටත් විජිතයක්ව පැවති කුඩා මැකාවු දූපතේ කැපී පෙනෙන කැසිනෝ කිහිපයකට හිමිකම් කියයි.

ලෝරන්ස් හෝගේ නැසීගිය පියා ස්ටැන්ලි හෝ හුං-සන් මැකාවු හි කැසිනෝ ව්‍යාපාරයේ ඉහළම චරිතයක් විය.

ඔහු හොංකොං සිට මැකාවු වෙත හෙලිකොප්ටර් සහ අධිවේගී යාත්‍රා ද මෙහෙයවීය.

ස්ටැන්ලි හෝ වයස අවුරුදු 98 දී 2020 දී හොංකොංහිදී මිය ගිය අතර ඔහුගේ සිහිනය වූයේ මැකාවු ලොව විශාලතම සූදු මධ්‍යස්ථානය වනු දැකීමටයි.

ඔහු 2018 දී විශ්‍රාම යන විට, ඔහුගේ පෞද්ගලික ධනය අමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් ලෙස ගණන් බලා තිබිණි.

එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතවලට වඩා අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට වඩා වැඩිය.

Melco Resorts විසින් City of Dreams හි ඩොලර් මිලියන125ක් ආයෝජනය කර ඇත.

එම කැසිනෝව සඳහා පසුගිය රජය වසර 20ක බලපත්‍රයක් ලබා දී ඇත.

Melco Resorts මේ සතියේ වාර්තා කළේ 2024 තුන්වැනි කාර්තුව සඳහා ප්‍රාග්ධන වියදම් අමෙරිකානු ඩොලර් මිලියන 64.6ක් බවයි.

මෙයට City of Dreams Sri Lanka හා සම්බන්ධ වියදම් මෙන්ම මැකාවු හි City of Dreams සහ Studio City හි වැඩිදියුණු කිරීම් ද ඇතුළත් වේ.

2024-2025 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී City of Dreams Sri Lanka හි පූර්ව විවෘත කිරීමේ පිරිවැය රුපියල් බිලියන 1.18ක් බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම මෙම සතියේ වාර්තා කළේය.

සැප්තැම්බර් 30 න් අවසන් වූ මාස හය සඳහා පිරිවැය රුපියල් බිලියන 1.95ක් දක්වා ඉහළ ගොස් ඇත.

සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේ සමූහ ආදායම 20%කින් රුපියල් බිලියන 76.96 දක්වා ඉහළ ගියේය.

කාර්තුමය මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 8.42 දක්වා වසරින් වසර 4%කින් පහත වැටී ඇත.

සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස හය සඳහා, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ ඉපැයීම් පෙර වසරට වඩා රුපියල් මිලියන 556.09 දක්වා 5% කින් පහත වැටී ඇත.

42.31%
17.27%
32.76%