
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තුළ කැසිනෝ මධ්‍යස්ථානයක් පවත්වා ගෙනයෑම සඳහා ලබා දී ඇති එහි බලපත්‍රය 2024 අප්‍රේල් 1 සිට බලපැවැත්වෙන වසර 20ක කාලසීමාවකට වලංගු බව Melco Resorts & Entertainment Ltd කැසිනෝ ආයතනයේ මව්සමාගම වන Hong Kong-listed Melco International Development Ltd සමාගම පවසයි.
කොළඹ පිහිටි ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ හි කැසිනෝ ශාලාව “2025 තුන්වැනි කාර්තුවේදී මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව” ද Melco International නිවේදනය කර තිබේ.
එහි මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ මෙල්කෝ රිසෝර්ට්ස් හි ඒකකයක් විසිනි.
ඇමරිකානු ඩොලර් බිලියන 1ක City of Dreams Sri Lanka යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම් ජාලයක් වන John Keells Holdings සමඟ හවුල්කාරිත්වය දරයි.
මෙම හවුල්කාරිත්වය පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද අතර ඒ, Melco සන්නාමය සම්බන්ධවීමට පෙර ආරම්භ කරන ලද යටිතල පහසුකම්වලට අදාළවය.
Melco Resort විසින් කැසිනෝ නිකේතනය සඳහා තම දායකත්වය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 125 ක් වැයකරන බව මීට පෙර පවසා තිබිණි.
පසුගිය සිකුරාදා නිකුත් කළ නවතම නිවේදනයට අනුව, ශ්‍රී ලංකා රජය Melco Resorts හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Bluehaven Services (Private) Ltd වෙත කැසිනෝ බලපත්‍රයක් ලබා දී ඇත.
Melco සන්නාමය පාලනය කරනු ලබන්නේ ව්‍යවසායකයකු වන Lawrence Ho Yau Lung විසිනි.
“සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා සංවර්ධනයත් සමඟ සිය ගෝලීය පිය සටහන්” පුළුල් කිරීමට අපේක්ෂා කරන බව සමාගම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart