January 1, 2024

සුරාබදු සහ වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ අද සිට දුම්වැටි මිල කාණ්ඩ 3ක් යටතේ ඉහළ දමා තිබේ.

ඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්,සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි.

එසේම අද (01) සිට සිය ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ද සංශෝධනය කරන බව ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) ප්‍රකාශ කරයි.

ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ දමා තිබේ.

මිලිලීටර් 375 සහ මිලිලීටර් 180ක මත්පැන් බෝතලයක මිල පිළිවෙළින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ නංවා ඇත.

 

42.31%
17.27%
32.76%