October 24, 2024

වාහන කිහිපයක් අතුරුදන් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජනාධිපති කාර්යාලයේ දී ප්‍රවාහන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය පවසයි.

යතුරුපැදි ඇතුළු වාහන 29ක් අතුරුදන් වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන අධ්‍යක්ෂවරයා පැය කිහිපයක් පුරා දීර්ඝ ප්‍රකාශයක් ලබාදුන් අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සති දෙකකින් ලබාදෙන ලෙස පොලිසියට දන්වා ඇති බව වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%