June 14, 2023

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසාද් වැලිකුඹුර මහතා පෙබරවාරි මාසයේ පළ කළ ට්විටර් වීඩියෝවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(13) ප්‍රශ්න කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පවසන පරිදි, හමුදා රථ පෙළපාලියක් සම්බන්ධයෙන් පුරවැසියන් පිරිසක් සිය අතෘප්තිය ප්‍රකාශ කරන අයුරු ප්‍රසාද් වැලිකුඹුර පළකර ඇති වීඩියෝවේ දැක්වේ.