Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වැරදි තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි.
වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීම සඳහා පාදක කරගත් ලිපි ලේඛන කිහිපයක් ද නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
පසුගිය සතියේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේ තමාගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යන නාමය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
එම ඇතුළත් කිරීම සහ එහි ප්රතිඵලයක් ලෙස ඇති වූ තත්ත්වය අපකීර්තියට හේතු වූ බවද ඇමැතිවරයා පැවසීය.
අධිකරණ ඇමැති, නීතීඥ හර්ෂණ නානායක්කාරගේ සුදුසුකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබූ තොරතුරු වැරදි බව ශ්රී ලංකා පාර්ලිමේන්තුව පිළිගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart