July 18, 2023

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට සම්බන්ධ බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය අද(18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම අවසරය ලබාදී ඇත්තේ එම දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් අනුවය.

ඒ අනුව ඔහුගේ ගිණුම්, ආගමික මධ්‍යස්ථානයේ මෙන්ම බිරිඳගේ ගිණුම්ද මෙලෙස පරීක්ෂා කෙරෙනු ඇත.