
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සමාලෝචනය කිරීමට පත්කළ කමිටුවට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කිරීමට විරුද්ධ නොවන බව කතෝලික සභාව පවසයි.
පළමුව සාමාජිකයන් හතර දෙනකුගෙන් සමන්විත වූ කමිටුවට ශානි අබේසේකර ඇතුළත් කිරීමත් සමඟ එහි සාමාජිකයන් සංඛ්‍යාව පස්දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත්, බෝම්බ ප්‍රහාරය එල්ල වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති බැවින් ඔහුගේ පත්කිරීම සම්බන්ධයෙන් මේවනවිට යම් මත්භේදාත්මක තත්වයක් ද උද්ගත වී ඇත.
ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ The Morning පුවත්පත කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගෙන් කළ විමසීමකදී පියතුමන් පවසා ඇත්තේ මෙම කමිටුව පත්කර ඇත්තේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පමණක් බවයි.
එය සවිස්තරාත්මක ලියවිල්ලක් බවත් ඊට සහය දැක්වීම සඳහා අනු කමිටු ද පිහිටුවනු ඇති බවත් අධ්‍යයනය අවසන් වූ පසු ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු හැකි බව ද ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසා තිබේ.
ශානි අබේසේකර එම කමිටුවේ සාමාජිකයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවද උන්වහන්සේ පවසා ඇත.
”ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවන බවට සීඅයිඞීයට කළින් තොරතුරක් ලැබී තිබුණත්, සීඅයිඩීයට වඩා පොලිසියට, බුද්ධි අංශවලට ප්‍රහාරයන් සිදුවීමට පෙර කලට වේලාවට ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබුණා. අපි දන්නා පරිදි ඔහු දක්ෂ නිලධාරියෙක්. ඔහුගේ පත්වීම ගැන අපේ විරෝධයක් නැහැ.” යැයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසා තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීම සහ විශ්ලේෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ ප්‍රධානත්වයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් එම කමිටුව පත්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart