January 23, 2025

වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගෙන් 10%ක් නිදන්ගත පෙනහළු අවහිරතා රෝගයෙන් (COPD) පෙළෙන බව ශ්වසන විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු පවසයි.

මෙම රෝගය බොහෝ විට දුම්පානය, වායු දූෂණයට දිගු කලක් නිරාවරණය වීම හෝ ප්‍රතිකාර නොකළ ඇදුම නිසා ඇති වන තත්ත්වයකි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධාන කරන ලද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය දල්පදාතු, සැළකිව යුතු බලපෑමක් ඇතිකරන මෙම රෝගය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගේ දැනුවත්භාවය අඩු බව සඳහන් කළාය.

“ගෝලීය වශයෙන් සිදුවන් මරණවලට ප්‍රධාන වන හේතු අතරින් 7වැනි තැන තියෙන්නේ මෙම රෝගය. ප්‍රතිකාර නොකළ ඇදුම හෝ දුම්පානය වැනි සාධක නිසා බොහෝ දෙනෙකුට නොදැනුවත්වම රෝගය වර්ධනය වනවා. මුලදී, රෝග ලක්ෂණ සැඟවී තියෙන්නේ, නමුත් රෝගය වර්ධනය වෙනකොට රෝගීන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙනවා, විශේෂයෙන් පඩිපෙළක් නැගීමේ දී හෝ කඳු නැගීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වලදී,” යනුවෙන් ඇය පැහැදිලි කළාය.

විශේෂඥ වෛද්‍ය දල්පදාතු 2017 දී කරන ලද සමීක්ෂණයක් ගෙනහැර දක්වමින් කියා සිටියේ වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකිකයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුටමෙම රෝගය ඇති බව එහි සඳහන් වූ බවයි

වෛද්‍ය දල්පදාතු මෙම රෝගය වැළැක්වීමේ සහ දිගුකාලීන කළමනාකරණයේ වැදගත්කම අවධාරණය කළාය.

“වායු දූෂණයට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම වැළැක්වීම සහ අධි අවදානම් සහිත පරිසරවල නිරන්තරයෙන් මුහුණු ආවරණ පැළඳීමෙන් නිදන්ගත පෙනහළු අවහිරතා රෝගය වර්ධනය වීමේ අවදානම අඩු කර ගන්න පුළුවන්. හඳුනා නොගත් නිදන්ගත පෙනහළු අවහිරතා රෝගය ඇති මාපියන් බොහෝ විට හුස්ම ගැනීමට අරගල කරන අතර සුළු ශ්වසන ආසාදනවලින් පවා දැඩි ලෙස පීඩාවට පත්වෙනවා,” යනුවෙන් ඇය පැවසුවාය.

 

42.31%
17.27%
32.76%