January 24, 2024

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම තහනම් කළ ‘Xiang Yang Hong 03’ නම් චීන පර්යේෂණ හා සමීක්ෂණ යාත්‍රාව මාලදිවයින් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් මුයිසුගේ අවසරය මත එරටට ළඟාවෙමින් පවතින බවට වාර්තා වේ.

Xiang Yang Hong 03 යනු, 2016 වර්ෂයේදී නිෂ්පාදනය කරන ලද චීන පර්යේෂණ යාත්‍රාවක් වේ.

එම පර්යේෂණ යාත්‍රාව සම්බන්ධයෙන් උද්ගතවුණු අර්බුදකාරී තත්වයක් මත, මාස 12ක කාලයක් තම මුහුදේ පර්යේෂණ කටයුතු සිදුකිරීමට ශ්‍රී ලංකාව අවසර ලබානොදෙන බව රජය පසුගියදා නිවේදනය කළේය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවන්හි චීන පර්යේෂණ යාත්‍රා තිබීමට එරෙහිව ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් මත ශ්‍රී ලංකාව එවැනි තීරණයක් ගෙන ඇතැයි වාර්තා පළවිය.

කෙසේවෙතත්, චීනයට ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මාලදිවයින ඉන්දියාවේ විරෝධය නොතකමින් චීන පර්යේෂණ යාත්‍රාව සිය මුහුදු සීමාවට ඇතුළු කර ඇති බවට වාර්තා වේ.

 

 

42.31%
17.27%
32.76%