March 12, 2025

චීන තානාපති චී ජෙංහොංග් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්විණි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ද සහභාගී විය.

වත්මන් ආණ්ඩුවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයාට සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාට සුබ පැතුම් එක්කල චීන තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම හමුවේ දී වැඩි දුරටත් සාකච්ඡා කර තිබේ.

තවදුරටත් අදහස් දක්වමින් චීන තානාපති චී ජෙංහොංග් පවසා ඇත්තේ, ඉදිරියේ දී මෙරට Tai Chi සහ Dragon Boat racing යන ක්‍රීඩා ස්ථාපිත කිරීම සහ සංවර්ධනය කිරීමට වෙනුවෙන් ද තම රජයේ සහයෝගය ලබාදෙන බව‍යි.