February 24, 2025

කොළඹ කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී හෝටලයකදී චීන ජාතිකයකු සැකසහිත තත්ත්වයක මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

පොලිසියට අනුව, සුඛෝපභෝගී හෝටලයේ 22 වැනි මහලේ තිබී එම පුද්ගලයාගේ මළසිරුර සොයා ගන්නා ලදී.

පොලිසිය පැවසුවේ මෙම තැනැත්තා 46 හැවිරිදි චීන ජාතිකයකු ලෙස හඳුනාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.