January 17, 2025

මුල් ගිවිසුමේ නියම කර ඇති නියමයන් සහ කොන්දේසි යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව, 2021 දී අත්සන් කරන ලද ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර තුනක (03) කාලයක් සඳහා අලුත් කර ඇත.

චීන යුවාන් බිලියන 10 (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.4) ක මුදල් හුවමාරු පහසුකම චීනය සහ ශ්‍රී ලංකාව අතර මූල්‍ය සහයෝගීතාවය පිළිබිඹු කරන බව පැවැසේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් කළ අතර, චීන මහජන බැංකුවේ අධිපති පෑන් ගොංෂෙන් මහතා චීන මහජන බැංකුව වෙනුවෙන් ඊට අත්සන් කළේය.

කෙසේවෙතත් මෙම මුදල ශ්‍රී ලංකා මහබැංකුවේ සංචිත ප්‍රදර්ශනය කිරීම සඳහා පවතින හුදු ණය මුදලක් මිස, චීනයේ දැඩි කොන්දේසි හේතුවෙන් එය භාවිතයට ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා රජයට හැකියාවක් නැත.

එම හුවමාරු ණය මුදල භාවිතයට ගැනීමට ශ්‍රී ලංකා රජය අවස්ථා ගණනාවකදී චීනයෙන් ඉල්ලීම් සිදුකළද, චීනය ඊට කැමැත්ත පළකළේ නැත.

42.31%
17.27%
32.76%