December 27, 2023

චීනයේ මීකොං කලාපයේ වෙසෙන ජනතාව නියඟ සහ ගංවතුර අවදානම් තත්වයන්ට ලක්ව තිබේ.

චීනය විසින් අනවසරෙන් ඉදිකරන ලද වේලි මෙයට හේතු වී ඇති බව වාර්තා වේ.

මෙය වියට්නාමය, තායිලන්තය, ලාඕසය, මියන්මාරය සහ කාම්බෝජය යන රටවල මිලියන 245කට අධික ජනතාවගේ ජීවනෝපායට හානිකරන බවට අනාවරණය වී තිබේ.

මෙම අනවසර වේලි හේතුවෙන්, මීකොං ගංගාවේ ගලායාමද අවහිර වී තිබේ.

චීනයේ දේශීය ජල හා බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා ගංගාවල වේලි ඉදිකිරීමට චීනය දරන උත්සාහය, දුප්පත් රටවලට හිමි සම්පත් කොල්ලකෑම් පමණක් නොව පරිසරයට හානි සිදුකර තිබේ.

විද්‍යාඥයන් පවසනුයේ, වේල්ල ඉදිකිරීමේ පාරිසරික හානි හේතුවෙන්, මීකොං ගඟේ ලක්ෂණ වෙනස් වී ඇති බවයි.

මේ ආකාරයට, දේශීය ජනතාව ගැන සැලකිල්ලක් නොදක්වා ස්වභාවික සම්පත් සූරාකෑමේ චීනයේ අභිප්‍රාය පිළිබඳව අනෙකුත් රටවල් කනස්සල්ලට පත්ව තිබේ.

වොෂින්ටනය පදනම් කරගත් උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ (CSIS) ජ්‍යෙෂ්ඨ සහකාරිය වන, නටාෂා හෝල් පැවසුවේ, බීජිං ඉහළ රටවල් සමඟ ජලය බෙදාගැනීමේ ගිවිසුම් අත්සන් කළ නමුත් පහළ රටවල් සමඟ එය සිදුකිරීමට ඔවුන් ක්‍රියා නොකරන බවයි.

Lower Mekong Initiative (LMI) විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, 2019 වසරේ පහළ ප්‍රදේශවල හටගත් දරුණු ජල අර්බුදයට චීනයේ අනවසර වේලි ඉදිකිරිම නිසා ඇති වූ ජල ප්‍රවාහ සීමා කිරීම් හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.