September 8, 2024

වසර 10ක ආරවුලක් මැද ගෙවීම් ප්‍රමාද කෙරුණු, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩංගොඩ කොටස ඉදිකිරිම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් (CHEC) වෙත පියවිය යුතු රුපියල් බිලියන 7.9ක් එම චීන සමාගමට ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

ආරවුල් විනිශ්චය මණ්ඩලය හරහා ප්‍රථමයෙන් පිළියම් සෙවීම ඇතුළුව, සමාගම සම්මත කොන්ත්‍රාත් පරිපාලන ක්‍රියා පටිපාටි අනුගමනය කර නොතිබුණද මෙම පියවර ගෙන ඇත.

මීට සති දෙකකට පෙර අගෝස්තු 27 වැනි දින මෙම අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

කොට්ටාව-දොඩන්ගොඩ කිලෝමීටර් 35ක මාර්ගයේ කොන්ත්‍රාත්කරු CHEC වූ අතර ඉන්ජිනේරුවන් වූයේ ජපානයේ ටෝලියෝ මූලස්ථානය කරගත් Oriental Consultants Co. Ltd. (OCCL) සමාගම ය.

මෙම කොටස වෙනුවෙන් අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වන ජපන් බැංකුව (JBIC) විසින් අරමුදල් සපයන ලද අතර, එය 2011 දී විවෘත කරන ලදී.

එම වසරේදී එම වසරේ CHEC සහ OCCL යන ආයතන අතර ආරවුලක් ඇතිවිය.

මූලාශ්‍රවලට අනුව, උපදේශකයන් පමණක් නොව ව්‍යාපෘති කාර්යාලය විසින් ගෙවීම් අවම වශයෙන් තුන් වතාවක් ප්‍රතික්ෂේප කර තිබේ.

කොන්ත්‍රාත්තුවේ සඳහන් වූයේ CHEC විසින් දින 28ක් ඇතුළත එහි ගැටලුව ආරවුල් විනිශ්චය මණ්ඩලය වෙත ගෙන යා යුතු බවයි. එහෙත් එය සිදුවූයේ නැත.

ආරවුල් විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය සම්බන්ධයෙන් ඔවුන් අසතුටුදායක නම්, සාමකාමී සමථයකට එළඹිය හැකි අතර, එය අසාර්ථක වුවහොත් මීළඟ පියවර වන්නේ බේරුම්කරණයයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ගවලට අනුව, මහාමාර්ග අමාත්‍යාංශයේ එවකට ලේකම්වරයා විසින් පත් කරන ලද කමිටුවක් මගින් 2014 දී ගෙවීම නිර්දේශ කළ නමුත් එය ක්‍රියාත්මක නොකළේය.

CHEC සිය බලපෑම දිගටම කරගෙන යෑමත් සමඟ තවත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයකු විසින් නව කමිටුවක් පත්කරන ලද අතර, එය 2023 දී යෝජනා කරන ලද්දේ පෙර කමිටුවේ නිර්දේශ මත පදනම්ව හිමිකම් පියවිය යුතු බවයි.

මෙම වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති අතර, නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු මුදල් ගෙවීම අනුමත කර ඇතැයි වාර්තා වේ.