October 25, 2024

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට චීන ජාතිකයන් තිදෙනකු ගාල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවැසුවේ, ඊයේ ගාල්ල – ගිංතොට ප්‍රදේශයේ හෝටලයක රැඳීසිටියදී මෙම චීන ජාතිකයන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අවුරුදු 33ත් 38ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැනීමේදී ජංගම දුරකථන පහක්, හිමිකරුවකු නොමැති විදේශ ගමන් බලපත්‍රයක් සහ බැංකු කාඩ්පත් හතරක් පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%