November 5, 2023

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඔක්තෝබර් මාසයෙන් අවසන් කිරීම සඳහා පැරිස් සමාජය ඇතුළු එකමුතුව විසින් ලබාදී තිබූ කාලය තවදුරටත් ප්‍රමාදවී තිබේ.

ඊට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන-ආනයන බැංකුව(එක්සිම් බැංකුව) අතර ඇතිකරගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ගිවිසුම මේ දක්වා හෙළි නොකිරීමයි.

පැරිස් සමාජ එකමුතුව ශ්‍රී ලංකා රජයට දන්වා තිබුණේ චීන ගනුදෙනුව දෙස බලනතුරු සිය අවසන් යෝජනාව ප්‍රමාද කරන බවයි.

කෙසේවෙතත්, එකී ගිවිසුමේ රහස්‍ය වගන්තියක් හේතුවෙන් දෙපාර්ශ්වයට එය බෙදා ගැනීමට නොහැකි වීම නිසා එම ගිවිසුම පැරිස් සමාජ එකමුතුව සමඟ බෙදා ගැනීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට චීන පාර්ශ්වය තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බව දැනගන්නට තිබේ.

“පරිස් සමාජය සමඟ ගිවිසුම බෙදා ගැනීමට රජය දැනටමත් චීන පාර්ශ්වයෙන් අවසර ඉල්ලා තිබෙනවා, නමුත් තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ,” යනුවෙන් අභ්‍යන්තර ප්‍රකාශයකු සඳහන් කර තිබිණි .

ඔහු පැහැදිලි කළේ රජය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා චීනයේ අනුමත ක්‍රියාවලිය කඩිනම් කිරීමටද උත්සාහ කරන බවයි. .

චීනය පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ අනෙකුත් ද්විපාර්ශ්වික ණය හිමියන් පුදුමයට පත් කළේ චීනයේ එක්සිම් බැංකුව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මූලික ගනුදෙනුවකට එළැඹ ඇති බව ප්‍රකාශ කිරීමෙනි.

42.31%
17.27%
32.76%