October 22, 2023

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, නිවාස අර්බුදය චීනයේ දේශපාලන නායකත්වයට විශාල අභියෝගයක් වී තිබේ.

මූල්‍ය වෙළඳපොළවල් චීනයේ ආර්ථිකයේ අනාගතය ගැන ප්‍රශ්න කරමින් සිටින අතර, යහපත් ආර්ථික අනාගතයක් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ පොරොන්දුව කෙරෙහි ජනතාව තම විශ්වාසය අත්හරින අත්හරිමින් සිටිති.

ලොව පුරා සිටින ආර්ථික විද්‍යාඥයන්, ආයෝජකයන් සහ මහ බැංකු චීනයේ මූල්‍ය ස්ථාවරත්වයේ අවදානම ගැන අනතුරු අඟවන්නේ මෙවැනි පසුබිමකය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Pierre-Olivier Gourinchas පසුගිය සතියේ පැවසුවේ, චීනයේ දේපළ වෙළඳාම් අර්බුදය විශ්වාසය බිඳදමමින් මූල්‍ය දුෂ්කරතා ඇති කරන බවයි.

මොරොක්කෝවේ මරකේෂ් හි පැවති ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සමුළුවකදී ඔහු පැවසුවේ “ප්‍රශ්නය බරපතළයි. ලෝක බැංකුව සහ IMF යන දෙකම චීනයේ ආර්ථිකය සඳහා ඔවුන්ගේ වර්ධන අපේක්ෂාවන් කපාහැර ඇත.” යනුවෙනි.

ආර්ථික විද්‍යාඥයන්ට අනුව යටිතල පහසුකම් සහ දේපළ වෙළඳාම් වැනි ක්ෂේත්‍රවල ආයෝජන මත අඩුවෙන් යැපීමට සහ පාරිභෝගිකයින් මත වැඩි වශයෙන් රඳා පැවතීමට චීනය නැවත ක්‍රමාංකනය කළ යුතුය.