![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/CHINAA-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ සිනොපෙක් (Sinopec Fuel Oil Lanka) සමාගම විසින් මෙරට සමුද්‍රීය ඉන්ධන ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමේ පියවරක් ලෙස නැව්වලට ඉන්ධන සැපයීම (bunkering) සඳහා ශ්‍රී ලංකා වෙළෙඳපොළට High Sulfur Fuel Oil (HSFO) හඳුන්වාදෙන බව නිවේදනය කර ඇත.
දැනට ශ්‍රී ලංකාව High Sulfur Fuel Oil සඳහා ඇති ඉල්ලුම සපුරාලීමේ අභියෝගයකට මුහුණ දී සිටින්නේ, කොළඹ වරාය ද ඇතුළුව මෙරට සියලුම වරායන්හි වෙරළ ආශ්‍රිත ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙනි.
මෙම ගැටළුව හේතුවෙන් දේශීය ඉන්ධන සැපයීම සැපයුම්කරුවන් විසින් සීමාකර ඇති අතර, High Sulfur Fuel Oil වෙළඳපොලේ හිඟයක් නිර්මාණය වී ඇත.
මෙම හිඟය නාවික ක්‍ෂේත්‍රයේ ඉන්ධන සැපයීමේ හැකියාවට බලපාන අතර, සමුද්‍රීය මෙහෙයුම් සහ කාර්යක්ෂමතාවයට බලපෑම් එල්ල කරමින් තිබේ.
මෙම හදිසි අවශ්‍යතාවය හඳුනාගනිමින්, Sinopec Fuel Oil Lanka සමාගම විසින් හම්බන්තොට ගබඩා පර්යන්තය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ නැව්වලට ඉන්ධන සැපයීමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ක්‍රියාකාරී පියවර ගෙන ඇත.
ඉදිරියේදී මෙම පර්යන්තය High Sulfur Fuel Oil සඳහා රටේ සුවිශේෂී මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනු ඇති අතරම වර්ධනය වන ඉල්ලුම සපුරාලීම සඳහා ස්ථාවර සහ විශ්වාසනීය සැපයුමක් සහතික කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart